වසරේ මේ දක්වා මාර්ග අනතුරු 1,605ක් – පුද්ගලයින් 1,693ක් මරුට

2026 වසරේ මේ දක්වා මාර්ග අනතුරු 1,605ක් වාර්තා වී ඇති අතර, එම අනතුරුවලින් පුද්ගලයින් 1,693 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (13) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා මේ බව සඳහන් කළේය. 

මියගිය පුද්ගලයින් අතර පදිකයින් 555 දෙනෙකු, යතුරුපැදිකරුවන් 603 දෙනෙකු, පසුපැදිකරුවන් 119 දෙනෙකු, පාපැදිකරුවන් 115 දෙනෙකු, රියදුරන් 136 දෙනෙකු සහ මගීන් 162 දෙනෙකු සිටින බව සඳහන් වේ.

එමෙන්ම මේ දක්වා බරපතළ අනතුරු 3,125ක්, සුළු අනතුරු 6,477ක් සහ අලාභ අනතුරු 2,388ක් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, පසුගිය වසරේ මෙම කාලසීමාව හා සැසඳීමේදී මාර්ග අනතුරුවල සුළු අඩුවීමක් පෙන්නුම් කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.