ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් යාළුකම සමරන්න ක්‍රිකට් තරගාවලියක්

ශ්‍රී ලංකා – නවසීලන්ත ඓතිහාසික ක්‍රිකට් සබඳතාවයට වසර 100ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විශේෂ සැමරුම් තරගාවලියක් පැවැත්වීමට සැලැසුම් කර තිබේ.

ඒ අනුව එය ලබන වසරේ ජනවාරි මාසයේ නවසීලන්තයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියාසිටියේ, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා අද (31) හමුවූ අවස්ථාවේදීය.  

මෙම ඓතිහාසික තරගාවලිය නැරඹීම සහ ඊට එක්වීම සඳහා නවසීලන්ත මහකොමසාරිස්වරයා විසින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත නිල වශයෙන් ඇරයුම් කරන ලදී.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ප්‍රථම ඓතිහාසික ක්‍රිකට් තරගය 1937 ඔක්තෝබර් 17 වන දින පවත්වා ඇත. 

Leave a Reply

Your email address will not be published.