ඇස්තමේන්තුගත ඉලක්කය අභිබවමින් රේගු ආදායම් අඛණ්ඩව ඉහළට

ශ්‍රී ලංකා රේගුව විසින් විසින් අගොස්තු මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසාන වීමට පෙරම සපුරා ගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව අගෝස්තු මාසයට අදාළව රේගුව වෙත ලැබී තිබූ රුපියල් මිලියන 190,274ක ඉලක්කය පසුගිය 27 වන දිනවන විට සපුරාලමින් එම ඉලක්කය අභිබවා රුපියල් මිලියන 199,629ක ආදායමක් රැස් කරගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව ඇත.

ඒ අනුව අද (31) දිනය අවසන් වන විට රේගු ආදායම රුපියල් බිලියන 200 ඉක්මවන ලකුණු මේ වන විටත් පෙනෙන්නට තිබේ.

මේ වසර වන විට රේගුව රුපියල් බිලියන 2,206.995 ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට නියමිත අතර මේ වන විට ගතවූ මාස 8 තුළ සමස්ත ආදායම රුපියල් බිලියන 1,832.7ක් වාර්තා කිරීමටද සමත්ව ඇත.

පසුගිය 2025 වසරේදී ද රේගුව සිය ආදායම් ඉලක්ක අභිබවා රුපියල් බිලියන 2,557.535 ක ඉහළ ආදායමක්ද වාර්තා කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.