ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවයි

මැදපෙරදිග උත්සන්න වෙමින් පවතින ගැටුම් හමුවේ කලාපයේ තෙල් සැපයුම් සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිතතාව හේතුවෙන්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද (09) ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.15කින් හෙවත් 2.2%කින් ඉහළ ගොස් ඩොලර් 100.07ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය ජූලි 24 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගයයි.

මේ අතර, ඇමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 1.70කින් හෙවත් 1.83%කින් ඉහළ ගොස් ඩොලර් 94.73ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය මාසයේ මුල් භාගයේ සිට මේ දක්වා බ්‍රෙන්ට් බොරතෙල් මිල 25%කින් පමණ ඉහළ ගොස් ඇති අතර, මාස හයක් පුරා පවතින අමෙරිකානු-ඉරාන ගැටුමට ස්ථිර විසඳුමක් ලැබීම සම්බන්ධයෙන් පැවති අපේක්ෂා ක්‍රමයෙන් පහළ යමින් පවතී.

Leave a Reply

Your email address will not be published.