ආනමඩුව මුදලක්කුලිය විජය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබාදී ඇති අනීතික ස්ථාන මාරුව අත්හිටුවමින් පුත්තලම මහාධිකරණයෙන් වයඔ පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ අදාළ නඩුව ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී පුත්තලම පළාත් බද මහාධිකරණ විනිසුරු ජයලත් සී. සිල්වා මහතා පෙත්සම්කාර විදුහල්පතිවරයා ස්ථාන මාරු කරමින් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති ලිපිය බල රහිත කිරීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවය.
මෙම පෙත්සමට අදාළව විරෝධතා නොවැම්බර් මස 11 දින අධිකරණය හමුවේ ගොනු කරන ලෙසටද නියෝගකළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව එදිනට යළි කැඳවීමට නියෝග කර තිබේ.
මෙම පෙත්සෙමේ වගඋත්තරකරුවන් ලෙස වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම්.සී.කේ වන්නිනායක, වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ජේ. ඒ. එම්. පී. ජයතිලක, පුත්තලම කලාප අධ්‍යාපන අධ්යක්ෂ ආර්.එම්.ටී.එන්. ප්‍රසාද් සහ ආනමඩුව කොට්ඨස අධ්‍යාපන අධ්යක්ෂ එම්. එන්. ගලබඩ යන මහත්වරුන් සහ නීතිපතිවරයා නම්කර තිබේ.
පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥවරයා පැවසුවේ සිය සේවාදායකාට මෙම අනීතික ස්ථාන මාරුව ලබාදී ඇත්තේ විදුහල්පතිවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදිය යුතු විධිමත් ක්‍රමවේදයට බැහැරව යමින් නීතියට පටහැනිව බවය.
ඒ අනුව පළමු වගඋත්තරකාර වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ස්ථාන මාරුවීම් නියෝගය අත්තනෝමතික ස්වභාවික යුක්ති මූල ධර්මයන්ට පටහැනි හා නීතිවිරෝධී බලය ඉක්මවා සිදුකරන ලද තීරණයක් බවට තීන්දු කරන ලෙසද ඉල්ලා සිටි නීතිඥවරයා එකී තීරණය අවලංගු කර ඉවත දැමීමේ සර්ටියේරාරි ස්වභාවයේ රීට් ආඥාවක් මගින් එකී නියෝගය ශුන්‍ය හා බල රහිත කිරමේ අතුරු තහනම් නියෝගයක් පළමු වගඋත්තකාර වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව නිකුත් කරන ලෙසද ඉල්ලා තිබේ.


