නානුඔය පොලිස් වසම තුළ පිහිටි නානුඔය ඇබක්ස්ෆර්ඩ් (Abbotsford) දෙමළ විද්‍යාලයේ සිසුන් පිරිසක් අද (18) බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.
පාසල් ගොඩනැගිල්ලක වහලය මත තිබූ බඹර කූඩුවක් කැලඹීමට ලක්වීමත් සමඟ මෙම සිදුවීම සිදුව තිබේ.
එලෙස සිසුන් 6 දෙනෙකුට බඹරුන් දෂ්ටකර ඇති බවත්, ඔවුන් 1990 සුවසැරි ගිලන් රථ සේවාව මගින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කර ඇති බව නානුඔය පොලීසිය පැවසීය.


