රුසියාව යුරෝපයට ගෑස් සැපයුම නවත්වයි

ජර්මනියට සහ යුරෝපයේ සෙසු රටවලට ස්වාභාවික ගෑස් බෙදා හරිනු ලබන ‘නෝර්ඩ් ස්ට්‍රීම් 1’ සැපයුම් මාර්ගය නඩත්තු කටයුත්තක් හේතුවෙන් නතර කළ බව රුසියාව ඊයේ ප්‍රකාශ කළේය. ඊයේ සිට සැප්තැම්බර් 3 වැනිදා දක්වා යුරෝපයට ගෑස් සැපයුම අත්හිටුවීමට බලපෑ මේ නඩත්තු කටයුත්ත යුරෝපයේ බොහෝ රටවල දැඩි ගෑස් හිඟයකට හේතු වනු ඇතැයි වාර්තා වේ.

යුක්‍රේන යුද්ධයේ ආරම්භයේ සිටම රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකාව සමඟ ඒකාබද්ධව කටයුතු කළ යුරෝපයේ බොහෝ රටවල් රුසියාව ගත් මේ පියවර හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්වනු ඇතැයි ද, රුසියාව මේ හදිසි නඩත්තු කටයුත්ත ආරම්භ කරනු ලැබුවේ එකට එක කිරිමක් වශයෙන් බව ද බටහිර මාධ්‍ය සඳහන් කර තිබේ.

යුෙක්‍ර්න යුද්ධය හේතුවෙන් යුරෝපය දැනටමත් බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින අතර, රුසියාව ඊයේ ගත් මේ තීරණය නිසා එළැඹෙන සීත ඍතුවේදී සමස්ත යුරෝපය අර්බුද ගණනාවකට තල්ලු වනු ඇතැයි ද අනාවැකි පළ වී ඇත.

Leave a Reply

Your email address will not be published.