මැලේසියා හිටපු අගමැති බිරියට වසර 10ක සිර දඬුවම්

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ බිරිය රොස්මා මන්සූර්ට ද වසර 10ක සිරදඬුවමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියම කළේය. ඇයට මේ ඉරණම අත් වූයේ ඩොලර් මිලියන 279ක වටිනාකමකින් යුතු ව්‍යාපෘතියක් දීමට එක්තරා සමාගමකින් අල්ලස් ලබා ගැනීමේ චෝදනාව හේතුවෙනි.

අමෙරිකාඩොලර් බිලියන 5.4ක් වංචා කිරීම නිසා පසුගියදා මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් වසර 12ක සිර දඬුවමක් නියම වී තිබිණි. සුඛෝපභෝගි භාණ්ඩ සහ රන් ආභරණවලට අධික මුදල් කන්දරාවක් වැය කළ බව කියන 70 හැවිරිදි මේ කාන්තාව සතුව තිබූ ඩොලර් මිලියන 1.6ක රන් භාණ්ඩ සහ දියමන්ති මාලයක් ඇතුළු තවත් බඩු භාණ්ඩ අතිවිශාල ප්‍රමාණයක් 2018 වසරේ ඔවුන්ගේ නිවෙස වට කළ අවස්ථාවේදී පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.