පාකිස්තානයට ලකුණු 130ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අද පැවැත්වෙන තරගයේ පාකිස්තානයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු129ක් රැස්කර ගැනීමට සමත්විය.

එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් Ibrahim Zadran ලකුණු 35ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් Naseem Shah, Mohammad Hasnain, Mohammad Nawaz සහ Shadab Khan එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූ අතර Haris Rauf කඩුලු 2ක් දවාගනු ලැබිණි.

ලකුණු 130ක ඉලක්කය හඹා යන පාකිස්තාන කණ්ඩායම මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 7ක් රැස්කරගෙන පන්දුවට පහරදෙමින් සිටී.

Leave a Reply

Your email address will not be published.