මාරක රිය අනතුරක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රංවල ප්‍රදේශයේ දී  සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

කොළඹ – නුවර මාර්ගයේ දකුණු පසට බරව ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ යතුරුපැදි 3ක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් යතුරුපැදි තුනෙහි ගමන් ගත් 5 දෙනෙකු බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමේදී පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත. 

තුල්හිරිය හා වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචි 27 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙක් එලෙස මිය ගොස් ඇති බව සදහන් වේ. 

අනතුර සම්බන්ධයෙන් සැකපිට වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.