උතුරු කොරියාව විසින් තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබේ.
බැලැස්ටික් මිසයිල දෙකක් ඔවුන් මෙලෙස දියත් කර ඇති බව දකුණු කොරියාව පවසයි.
එය ජපාන බලධාරීන් විසින් ද තහවුරු කර තිබේ.
ඒ අනුව සති දෙකක කාලයක් තුළ උතුරු කොරියාව සිදුකළ 7 වන මිසයිල අත්හදාබැලීම මෙය වන බව වාර්තා වේ.
අමෙරිකාව, ජපානය සහ දකුණු කොරියාව එක්ව ආරම්භ කළ නාවික අභ්‍යාසයට විරෝධය පළ කරමින් උතුරු කොරියාව මෙම මිසයිල දියත් කිරීම සිදුකර ඇති බව සඳහන්ය.