මුල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි නම් තැනැත්තියගේ සැමියා ලෙස හැඳින්වෙන ඉසුරු බණ්ඩාර නැමැති පුද්ගලයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය සඳහා ඉදිරිපත් වීමේ සූදානමකින් සිටි බව ඇයගේ මුල්‍ය වංචාවට හසු වූ ව්‍යාපාරික කමල් හසන් මහතා පවසයි.
කමල් හසන් යනු තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කරන ලද ව්‍යාපාරිකයායි.
පොහොට්ටුව යනු හොද පක්ෂයක් බවත් එය සමඟ එල්ලී ගිය හොත් සියලු ප්‍රශ්න යට ගසා ගැනීමට හැකි බව සිතමින් ඉසුරු බණ්ඩාර නම් තැනැත්තාද පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට සුදානමින් සිට බවද තමන්ට දැනගන්නට ලැබුණු බවද ඔහු සඳහන් කරයි.