LPL නව ලාංඡනයේ නිර්මාණකරුට ඩොලර් 1000ක්

රටම කතාවෙන මව්බිමේ ක්‍රිකට් වසන්තය LPL තරගාවලියේ නව ලාංඡනය එළිදැක්වීම අද සිදුකර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල ලාංඡනය නිර්මාණය කිරීම සඳහා තරගයක් පැවැත්විය.

ඉන් ජයග්‍රහණය හිමිකරගත් ධෛර්යය සංඛේතවත් කරන ‘සිංහ’ සංකේතය වටා නිර්මාණය වී ඇති ලාංඡනයක් LPL නිල ලාංඡනය ලෙස තෝරාගෙන ඇත.

මෙම නිර්මාණය සිදුකර ඇත්තේ මියුලික වීරමන්ත්‍රී නමැති 24 හැවිරිදි වියේ පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජයග්‍රහණය කරන ලද LPL නිල ලාංඡනයේ නිර්මාණකරුට අමෙරිකානු ඩොලර් 1000ක් පිරිනමා තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැන්න ලබන දෙසැම්බර් 06 වැනිදා හම්බනතොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.