දසුන්ගේ විශ්වාසය

20/20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණීමේ බලාපොරොත්තුවක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි.

ඔහු එසේ පැවැසූවේ නවසීලන්ත තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.

නවසීලන්තය හමුවේ පරාජයට පත් වුවද ඉතිරි තරග දෙක වඩාත් යහපත් මට්ටමේ දල ලකුණු වේගයකින් ජය‍ගෙන අවසන් පූර්ව වටයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ඔහු සඳහන් කළේය. 

“ඉදිරි තරග දෙකේදී, විශේෂයෙන්ම හොඳ ලකුණු වේගයක් සමගින් ඒ තරග දෙකෙන් අපි ජයගත යුතුයි. එහෙම ඉදිරියට යන්න පුළුවන් නම්, මම හිතන්නේ අපිට අවසන් පූර්ව වටයට එන්න හොඳ අවස්ථාවක් තියෙනවා කියලා. මොකද අපි ගොඩක් දුෂ්කර කාලවලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා අපට තවමත් දැන් සිටින ස්ථානයෙන් ඉදිරියට යා හැකි බව මගේ විශ්වාසයයි” දසුන් ශානක පැවසීය.

ශ්‍රී ලංකා පන්දු රැකීමේ දුර්වලතා තීරණාත්මක සාධකයක් වූ බව දසුන් ශානක මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

ග්ලෙන් පිලිප්ස් දෙවරක්ම දවා ගැනීමේ අවස්ථා ශ්‍රී ලංකා පිලෙන් ගිලිහී ගිය අතර අනතුරුව ඔහු ලකුණු 104ක් දක්වා ඉදිරියට ගියේය.

Leave a Reply

Your email address will not be published.