වව්නියාව පොලිස් වසමේ පුද්ගලයෙකු ළිඳකට වැටී පුද්ලයෙකු මියගොස් තිබේ.
එසේ මියගොස් ඇත්තේ, 43 හැවිරිදි වව්නියාව කුරුමන්කාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (08) අලුයම් කාලයේදී වව්නියාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.
මරණකරුගේ බිරිඳ තම ස්වාමිපුරුෂයා ළිඳේ වැටී සිටිනු දැක ප්‍රදේශවාසින් සමග එක්ව ගොඩට ගෙන පරීක්ෂා කිරීමේදී මියගොස් ඇති බවට දැනගැනීමෙන් පසු ඥාති සොහොයුරෙකු විසින් පොලීසියට පැමිණිලි කර ඇත.
මියගිය අය වසර 10ක පමණ කාලයක සිට මානසික රෝගී තත්ත්වයකින් පෙලෙන බවට පොලීසිය සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයා විසින් තහවුරු කිරීමෙන් පසු මෘත දේහය ඥාතීන්ට භාර දී ඇත.
වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.