මහවැලි ගඟට පැන්න රැඳවියා අතුරුදන්

පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරෙන් පළායාමට උත්සහ කළ රැඳවියෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

බන්ධනාගාරයේ වගා අංශයේ කටයුතු සඳහා යොදවා සිටි අදාළ පුද්ගලයා ඉන් මිදී මහවැලි ගඟට පැන පළායාමට උත්සාහ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

එහිදී ඔහු දියේ ගිලී අතුරුදන්ව ඇත.

අතුරුදන් වු 36 හැවිරිදි පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය ළඟතබා ගැනීමේ චෝදනාව මත මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකින් වරදකරු වී මාස තුනකට බන්ධනාගාර ගතකර සිටි අයෙකු බව පොලීසිය සඳහන් කළේය.

අතුරුදන් වු සිරකරුවා සොයා නාවික හමුදා කිමිදුම්කරුවන් මහවැලි ගඟේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පැවසයි.

Leave a Reply

Your email address will not be published.