දුනුමාලේ සරත් ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වේරගොඩ ආරච්චිගේ සරත් වේරගොඩ හෙවත් දුනුමාල සරත් නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (19) දින සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊයේ රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.

ඝාතනයට සම්බන්ධ ජංගම දුරකථනයක්, ටී 56 පතොරමක් සහ ගමන් මලු දෙකක් මීට පෙර සොයාගෙන ඇති අතර, එම දුරකථනයේ තිබූ සිම්පත ඔස්සේ කළ විමර්ශන මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ මෙහෙයවීම මත ගලපිටමඩ පොලිසියේ සහාය ඇතිව වැඩිදුර පරීක්ෂණ සිදුවෙයි.  

Leave a Reply

Your email address will not be published.