රාජපක්ෂලා රකින කමිටුවක් ගැන ෆොන්සේකාගෙන් දෝස්මුරයක්

රට බංකොලොත් වීමට හේතු සේවීමට කමිටුවක් පත් කරමින් ඒ හරහා රාජපක්ෂවරුන් සිදුකළ වංචා දුෂණ යට ගැසීමට ආණ්ඩුව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා චෝදනා කරයි.

ඒ, අද (21) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

ඔහු පවසන්නේ, අදාළ කමිටුවේ සිටින සාමාජිකයන් රාජපක්ෂවරුන්ට පක්ෂපාති පිරිසක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, වර්තමාන රජය නැවත පරණ පුරුදු වංචාව දුෂණය සමඟම ඉදිරියට යාමට කටයුතු කරමින් සිටින බවය.

එසේම මැති ඇමතිවරුන්ද ජනතාව රවටන ප්‍රකාශ සිදුකරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published.