බවුසරයක් හා මෝටර් රථයක් ගැටීමෙන් 05 දෙනෙකු රෝහලේ

ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් සහ මොටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් මොටර් රථයේ ගමන් කළ පුද්ගලයන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ඊයේ (12) රාත්‍රී 10ට පමණ එම අනතුර සිදුව තිබුණේ, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන මංසන්ධියේදීය.

වැලිමඩ සිට කොටගල දෙසට ධාවනය කරමින් තිබු බවුසර් රථයක් සහ නොර්වුඩ් සිට තලවකැලේ දක්වා ධාවනය කළ මොටර් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

මෝටර් රථය ධාවනය කළ රියදුරු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බව වාර්තා වෙයි.

අනතුරෙන් තුවාල ලැබු මොටර් රථයේ ගමන්ගත් තුවාලකරුවන් පස් දෙනා, නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20-30 වයස් කාණ්ඩවල පසුවන බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.