ලංකා විදුලිබල බණ්ඩලය නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
විදුලිබල මණ්ඩලයේ සාමානාධීකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා සඳහන් කළේ, ජනවාරි මාසයේ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට එමඟින් ඉල්ලීමක් කළ බවය.
ඒ අනුව විදුලි ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා සඳහන් කළේ, මෙම වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනය කිරීමට නොහැකිවීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බවය.
මේ වසරේ ගිගාවොට් පැය 4,500 ක ජල විදුලි ධාරිතාවක් අපේක්ෂා කළ නමුත්, නිෂ්පාදනය කිරීමට හැකිවූයේ ගිගාවොට් පැය 3,750ක් පමණක් බව සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.
ඒ අනුව ගිගාවොට් පැය 750ක් අතිරේකව තාප බලාගාරවලින් ලබාගැනීමට සිදුවූ අතර ඒ සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බවද සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.