අධිවේගී මාර්ගය විවෘත වෙන්නේ මෙහෙමයි

නායයාමක් හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටස අද පස්වරු 6ට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ කොළඹ සිට හම්බන්තොට දෙසට වම්පස මංතීරු 02 පමණක් දෙපසටම ගමන්කළ හැකි අයුරින් වාහන ගමනා ගමනය සඳහා විවෘත කරන බවය.

එහි දකුණු පස මංතීරු 02 තවදුරටත් වාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බවද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published.