අද නිවාඩු හිමි වූ පාසල්

දීපවාලී උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලු දෙමළ පාසල් සඳහා අද (13) දිනයේ නිවාඩු ලබාදී තිබේ.

උත්සව දිනය ඊයේ (12) ඉරිදා දිනයට යෙදී තීබිම හේතුවෙන් පාර්ශව කිහිපයකින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් සියලු දෙමළ පාසල් සඳහා අද නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේය. 

කෙසේවෙතත් ඒ වෙනුවට නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින අදාළ පාසල් පැවැත්විය යුතු වේ.

සෙසු පාසල්වල අධ්‍යයන ක්‍රියාවලීන් සඳහා මෙම තීරණය අදාළ නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.