76 වැනි නිදහස් දිනය අදයි

76 වැනි නිදහස් දින සැමරුම් උලෙළ අද (04) ගාලු මුවදොර පිටියේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිත ව තිබේ.

‘හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උලෙළ පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

නිදහස් දින සැමරුම් උලළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් මහතා සහභාගි වීමට නියමිතයි.

මීට අමතරව තායිලන්ත දුත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිත අතර, තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර නිදහස් දින සැමරුම් උලෙල පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published.