මෙක්සිකෝවේ වෙඩිතැබීමකින් 8ක් මරුට

මෙක්සිකෝවේ, මොරෙලෝස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තිබේ.

එරට සංචාරක නගරයක දී වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙඩි වැදීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් සිව්දෙනෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්ය. 

2006 වසරේ සිට මේ දක්වා මෙක්සිකොවේ පුද්ගලයින් 450,000ක් ඝාතනය ලක්ව ඇති අතර එරටට හඳුන්වා දුන් මතභේදාත්මක මත්ද්‍රව්‍ය විරෝධී නීති ද ඊට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published.