ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ජාවාරම මෙහෙය වූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් සහ තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී අම්බර් කිලෝ 17යි ග්‍රෑම් 234 ක් පොලිස් භාරයට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් පිටිගල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published.