කුරුළු උණ වැලඳුනු ඌරකු පළමු වරට අමෙරිකාවෙන්

H5N1 කුරුළු උණ රෝගය වැලඳුණු ඌරකු ප්‍රථම වරට අමෙරිකාවෙන් හඳුනාගෙන තිබේ.

අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ගොවිපොළක රඳවා සිටි ඌරෙකු හට මෙලෙස කුරුළු උණ වැලඳී ඇති බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ඌරා සමග රැඳී සිටි තවත් ඌරන් දෙදෙනෙකු හට ද වෛරසය ආසාදනය වී ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පර්යේෂණ සඳහා යොමුකර තිබේ.

මෙම කුරුළු උණ වෛරසය 2020 වර්ෂයේ සිට ශීඝ්‍ර ලෙස කුරුල්ලන් අතර ව්‍යාප්ත වී තිබුණි.

Leave a Reply

Your email address will not be published.