අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු හංවැල්ල – නිරිපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව ඊයේ (21) පස්වරුවේ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකරන රුපියල් ලක්ෂයක මුදලක්ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක් වන හංවැල්ල, නිරිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
විදේශ රටක සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ජාවාරම් කිරීම සඳහා මෙම සැකකරු වෙත ලබාදී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයට අනුව අනාවරණය වී ඇත.
සැකකරු හංවැල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි