මාස තුනට අල්ලස් නඩු 1,250 පනී 

මේ වසරේ ගතවු පළමු මාස 03 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,250කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබේ.

ජනවාරි මස 01වනදා සිට මාර්තු මස 31 වනදින දක්වා කාලය තුළ පැමිණිලි 1,267ක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 24ක් සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 06 දෙනෙකු පොලිස් නිලධාරීන් වන අතර විදුහල්පතිවරයෙකු, කම්කරු නිලධාරියෙකු, ක්ෂේත්‍ර නිලධාරියෙකු සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියෙකු ඒ අතර වන බව සඳහන්ය.
 
ඊට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, සංවර්ධන නිලධාරියෙකු, අධිකරණ අමාත්‍යංශ සේවකයෙකු, පළාත් ආදායම් දෙපාර්තමේන්තු තක්සේරු නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයින් 06 දෙනෙකු ද සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වසරේ ගත වු කාලය තුළ චුදිතයින් 24 දෙනෙකුට එරෙහිව අධිකරණවල නඩු පැවරීම් 21ක් සිදුකර ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.