ගල්කිස්සේ ඝාතනයට සැකකරුවන් තිදෙනෙක් මාට්ටු

පසුගිය දා ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මැයි 01 වනදා දහවල් කාලයේ මෙම ඝාතනය සිදුකර තිබූ අතර, අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව ඊයේ (04) දින මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කොට්ටාව පොලිස් වසමේ මාකුඹුර අධිවේගි මාර්ග බස් නැවතුම්පල අසලදී අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරුවන් අවුරුදු 31,32 හා 34 යන වයස්වල පසුවන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.     

මෙම සැකකරුවන්ගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත අපරාධයට යොදාගත් කඩු 02ක් හා ජංගම දුරකථනයක් සොයාගෙන ඇත. 

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 

Leave a Reply

Your email address will not be published.