විදෙස් සිනමාපට අමෙරිකාව තුළ විකාශය කිරීමේදී ඒවාට සියයට සියයක තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
එමගින් අමෙරිකානු සිනමාව වැනසී යන බවත්, කර්මාන්තය ආරක්ෂා කරගැනීමට බදු පැනවීම පිළිබඳ කටයුතු සම්පාදනය කරන්නැයි උපදෙස් දී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.
මේ අතර තමන් තෙවැනි ධුරකාලයක් සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවට පැතිර යන ප්‍රකාශ ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.
තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් නැවතත් ජනාධිපති ධුරයට පැමිණීමට උත්සහ කරන බවට පැවසුවේ මාධ්‍ය හාස්‍යයට ලක්කිරීමට පමණක් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.