“රාජ්‍ය බලයෙන් පිටුවහල් කළ රාජපක්ෂලා මව්බිමට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්රණයක නිරතව සිටින බව ගාලුමුවදොර අරගලයේ නිරත සර්වපාක්ෂික අරගලවරුවෝ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනය පහතින්
ඉන්දියාවේ ඉහළ පෙලේ රාජ්‍ය සබඳතා සහිත සුබ්‍රමනියම් සාමි විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයක් පිළිබඳ “සර්වපාක්ෂික අරගලකරුවන්” ලෙස අපගේ දැඩි අවධානය යොමුව තිබේ.
එහි දක්වා ඇති පරිදි රාජපක්ෂලාට අවශ්‍ය නම් ඉන්දීය හමුදා මැදිහත්වීමක් ලබාදිය යුතු බවට සුබ්‍රමනියම් සාමි මහතා යෝජනා කර ඇත.
ඉන්දියාවේ ඉහළ පෙළ සබඳතා සහිත පුද්ගලයෙකු ලෙස ප්‍රකට සුබ්‍රමනියම් සාමි ඉතිහාසය පුරාම නියෝජනය කළේ රාජපක්ෂ රෙජිමය බලයට පත් කිරීමට සහ ඔවුන්ගේ බලය පවත්වාගෙන යාම සඳහා වන මැදිහත්වීම් බව මෙරට දේශපාලන ප්රවාහයේ ප්‍රසිද්ධ රහසකි. 2018 දින 52 ප්රජාතන්ත්ර විරෝධී කුමන්ත්‍රණය හරහා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමේදී සහ 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීමේ ක්‍රියාවලිය තුළ සුවිශේෂී ප්‍රබල ඉන්දියානු ඒජන්ත භූමිකාවකට ඔහු පණපෙවූ බව ප්රත්යක්ෂ කරුණකි.
එවන් පසුබිමක මෙරට පාලන තන්ත්රයට ඍජුව බලපෑම් කරන විදේශ ඒජන්ත පුද්ගලයෙකු ලෙස හදිසියේ නිකුත් කල ඔහුගේ මෙම ට්විටර් පනිවුඩය හුදු අහඹු ප්‍රකාශයක් ලෙස නොසලකා නොතකා හැරීමට නොහැකිය. ප්රජාතන්ත්රවාදයේ නාමයට මුවා වී රාජපක්ෂලා ගෙන ගිය අශිෂ්ට පාලනය පන්නා දමා ශ්‍රී ලාංකේය ජනතාව දේශපාලන, ආර්ථික හා සමාජ ස්ථාවරත්වයක් පිළිබඳ අලුත් බලාපොරොත්තු දල්වා සිටින මෙවන් මොහොතක, මිලියන විසිදෙකක මෙරට ජනතාවගේ අභිලාෂයට ගරු කිරීම වෙනුවට රාජපක්ෂලා බේරාගැනීමේ ඉන්දීය හමුදා මැදිහත්වීමක් යෝජනා කෙරෙන්නේ රාජපක්ෂලාගේ ඉල්ලීම මතද යන්න පිළිබඳ අපට සැකසහිතය. තවද
නිල වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායකවරයා විසින් රාජ්‍ය පාලනයේ දේශපාලන ස්ථාවරභාවය පිළිබඳ පැහැදිලි යෝජනා ඉදිරිපත් කොට තිබියදී සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත්ව යාමට දින ලබා දී තිබියදී සිදුකරඇති මෙම යෝජනාව ශ්‍රී ලාංකේය ජනතාවට එරෙහිව සුබ්‍රමනියම් සාමි සහ රාජපක්ෂලා විසින් සිදුකරනු ලබන සාහසික ජාත්‍යන්තර කුමන්ත්රනයක්ද යන්න සර්වපාක්ෂික අරගලකරුවන් ලෙස අපට ගැටලුවකි.
ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රපාතයෙන් ගොඩඒමට විශාල මැදිහත්කරනයක් ලබා දුන් ඉන්දියාව මේ නිශ්චිත මොහොතේ රටක තීරණාත්මක දේශපාලන කාරණාවලට මැදිහත් වීමේදී ජාත්‍යන්තරව සලකා බැලෙන ජාත්‍යන්තර නීති සහ සම්ප්‍රදායන් අබිබවමින් ඉන්දියානු රජය මෙවන් ප්රවේශයකට යොමු නොවන බව අපි තරයේ විශ්වාස කරන නමුත් , දෙරට අතර පවතින විස්වාසය හා ඓතිහාසික බැදීම් පලුදු වන ආකාරයේ මෙම ප්‍රකාශයට අදාලව පුලුල් පරීක්ෂණයක් සිදුකර මෙහි සත්‍ය තත්ත්වය ශ්‍රී ලාංකික ජනතාවට පැහැදිලි කරගැනීමට අවස්ථිවක් සලසන මෙන් සර්වපාක්ෂික අරගලකරුවෝ” සංවිධානය ලෙස අප ඉන්දීය රජයට දැන්වීමට කැමැත්තෙමු.
සර්වපාක්ෂික අරගලකරුවෝ