රට පනින්න ගිය 78ක් නාවික හමුදාවට මාට්ටු

මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව කළුවන්කේනි වෙරළ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදුකළ විශේෂ සෝදිසියකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණයවීමට උත්සහ කළ බව කියන පුද්ගලයන් 78 දෙනකු සිය බාරයට ගත් බව නාවික හමුදා කියයි. 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අයත් පි 491 වේග ප්‍රහාරක යාත්‍රාව මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු  බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබේ.

එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක  ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු (06) ඇතුළුව පිරිමි පුද්ගලයන් 43 ක්, කාත්තාවන් 07 ක්, ළමුන් 11 ක් සමඟ පුද්ගලයන් 61 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව බාරයට ගත් එම පිරිසෙන් 21 දෙනකු අද උදෑසන නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ආ අතර, අනෙක් පුද්ගලයින් 40 දෙනා සමග බහුදින ධීවර යාත්‍රාව මේ වන විට ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන එමින් පවතී. තවද, අත්අඩංගුවට ගත් මෙම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.