කටාන – දෙමන්හංදිය ප්රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී ගිනිඅවි හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුව ගෙන තිබේ.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 51 සහ 58වන කටියල ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
එක් සැකකරුවෙකු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, ටී.56 පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ටීකටස් වර්ගයේ ගිනි අවියක්, රිවෝල්වර් ගිනි අවි සෑදීමට භාවිතා කළ හැකි ආකෘතියක් සහ ගිනි අවි සෑදීමට යොදා ගන්නා ලද උපකරණ කිහිපයක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.
එමෙන්ම අනෙක් සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කටාන පොලිස් ස්ථානය මගින් සිදු කරයි.


