නාමිකව පමණක් ජාතික පාසල් වූ පාසල් 809ක් – කෝපා කමිටුවේදී සියල්ල හෙළිවෙයි 

පළාත් පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කිරීම සඳහා වන නාම පුවරු සඳහා පමණක් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වැය කර ඇති බව රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.

ඒ අනුව, මෙම පාසල් 809 නාමිකව පමණක් ජාතික පාසල් ලෙස නම් කර ඇති බව අනාවරණය වී ඇත.

රජයේ ගිණුම් කාරක සභාව හමුවට පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ  ජාතික පාසල් දහසක් දක්වා වැඩි කිරීමේ වැඩ සටහන සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යංශය ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් මාස 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස මෙහිදි අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට නිර්දේශ කර ඇති බව සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published.