බීජිං නුවර අයහපත් කාලගුණයෙන් 34ක් මරුට

චීනයේ බීජිං නුවරට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබේ.

ගෙවුණු දින කිහිපය පුරා උතුරු චීනයේ හෙබෙයි, ජීලින් සහ ෂැන්ඩොන් යන ප්‍රාන්තවලට බලපෑ සුළි කුණාටු තත්ත්වයන් ඇතුළු අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවට වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම කාලගුණික ආපදා හේතුවෙන් බීජිං අගනුවර පමණක් 80,000 ඉක්මවූ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන්ට සිදු විය.

Leave a Reply

Your email address will not be published.