විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් සහ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ මගින් දිවයින පුරා සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ (09) දිනයේදී ද සිදුකර තිබේ.

එහිදී සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදී පොලීසිය විසින් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 25,503 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී අපරාධවලට සෘජුව සම්බන්ධ බවට පුද්ගලයින් 29 දෙනෙකු හඳුනාගෙන තිබේ.

තවද සැකපිට පුද්ගලයින් 704 දෙනෙකුද, වරෙන්තුකරුවන් 203 දෙනෙකුද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම ඊයේ මෙහෙයුම් මාලාව තුළදී බීමත් රියදුරන් 100 දෙනෙකුත් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් රථවාහන වැරදි සම්බන්ධව පුද්ගලයින් 3,369 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගද ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.