මාළු ඇල්ලීමට ගිය පුද්ගලයා වැවේ ගිලී මරුට

සෙවනගල ප්‍රදේශයේ හබුරුගල බෝධිරාජ වැවේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක් වූ මහගම ජනපදය, සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ වැවේ මසුන් අල්ලමින් සිටියදී වළකට වැටී දියේ ගිලී මියගොස් ඇති බව සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.