දෙහිවල ඝාතනයේ සැකකරුවෙකු කොටුවෙයි

දෙහිවල පොලිස් වසමේ මුහුදුබඩ මාර්ගයේදී පුද්ගලයෙකුගේ ගෙල සිරකර ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

2025.05.10 වන දින අදාළ ඝාතනය සිදුකර තිබූ අතර දෙහිවල පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන දියත් කළේය.

ඒ අනුව ඊයේ (29) රාත්‍රී කාලයේ දෙහිවල පොලිස් වසමේ චෛත්‍ය පාර ප්‍රදේශයේදී දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 38ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published.