දෛනික පොලිස් විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ වූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුම යටතේ ඊයේ (29) පුද්ගලයින් 29,030 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේය.

එහිදි විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 815 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 315 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ මෙහිදී බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 142 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

Leave a Reply

Your email address will not be published.