කතානායකවරයා අද දින (13) කරන ලද ප්‍රකාශයෙන් පෙනී යන්නේ ජනතා විරෝධය හමුවේ රටෙන් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තවමත් ඉල්ලා අස්වී නැති බවය. පිට රටක සැඟව සිටිමින් රට අස්ථාවර කර දැමීමේ දුෂ්ට ක්‍රියාවක නියැලෙන බවය. මේ දුෂ්ට ක්‍රියාව නවතා දමා රටේ ජනමතයට හිස නමමින් වහාම ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දන්වා සිටින බව 43 වන සේනාංකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනය පහතින්
කතානායකවරයා අද දින (13) කරන ලද ප්‍රකාශයෙන් පෙනී යන්නේ ජනතා විරෝධය හමුවේ රටෙන් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තවමත් ඉල්ලා අස්වී නැති බවය. පිට රටක සැඟව සිටිමින් රට අස්ථාවර කර දැමීමේ දුෂ්ට ක්‍රියාවක නියැලෙන බවය. මේ දුෂ්ට ක්‍රියාව නවතා දමා රටේ ජනමතයට හිස නමමින් වහාම ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන ලෙස අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දන්වා සිටිමු.
එසේම මේ තත්වය යටතේ 20 වෙනිදා පැවැත්වීමට යෝජනා කර තිබෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීම වලංගු වන්නේ නැත.
වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් වීම ලබා ඇතැයි කියන අගමැතිවරයා තමාගේ පත්වීම විනිවිද පෙනෙන ආකාරයට ප්‍රකාශ කළ යුතු අතර ඔහු කරන සෑම කටයුත්තක්ම නීතියේ බලය සහ ජනතා කැමැත්තට අනුකූල විය යුතුය. එහෙයින් පනවා තිබෙන හදිසි නීතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවීම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ වගකීමකි. එලෙසම තම ක්‍රියාමාර්ග යුක්ති යුක්ත කරගැනීම සඳහා තමන්ට පාර්ලිමේන්තු බලයක් හා මහජන බලයක් තිබෙන බව ඔහු පෙන්වා දිය යුතුය. ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට අමතරව ගන්නාවූ අත්තනෝමතික ක්‍රියාමාර්ග නිසා රටේ ලේ වැගිරීම් සහ සිවිල් යුද්ධ ඇතිවීම වැළැක්විය හැක්කේ මේ තීරණාත්මක මෙහොතේ පාලක පක්ෂය මෙන්ම ජනතාව ද ඉමහත් වගකීමකින් කටයුතු කළහොත් පමණි. එහෙයින් වහාම පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන ලෙස අපි අගමැතිවරයාටත් කතානායකවරයාටත් දැනුම් දෙමු. එසේම අරගලයේ නාමයෙන් පොදු දේපොල රාජ්‍ය ආයතනවලට හානි සිදු කිරීමෙන් වැළකී සන්සුන්ව හා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
43 සේනාංකය