හාලි ඇල ඇටම්පිටිය බදුල්ල වැලිමඩ ප්රධාන මාර්ගයේ නෙළි අතුගොඩ ප්රදේශයේ මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක් සහ වෑන් රථයක් ගින්නකට හසුවීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී ඇතග ලොරි රථයේ සහ වෑන් රථයේ වටිනාකම කෝටි එක හමාරකට පමණ ආසන්න වෙතැයි අයිතිකරුවන් ප්රකාශ කරයි.
රාත්රියේදී මාර්ගයේ කෙළවර නවතා තිබූ ලොරි රථය සහ වෑන් රථය ගිනි නිගන්නා බව සැලවීමත් සමගම අයිතිකරු ඇටම්පිටිය පොලිසියට මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර ඔවුන් පැමිණ ගින්න නිවීමට සලස්වා ඇත. ඒ් වන විටත් විශාල හානියක් සිදුවී ඇති බවට වාර්තා වේ. ගින්න ඇතිවීමටට හේතුව කුමක්දැයි ඇටම්පිටිය පොලිසිය මගින් පරීක්ෂණ පවත්වනු ලබයි
එමෙන්ම ගින්න හේතුවෙන් අසල තිබූ ටෙලිකොම් වයර් පද්ධතියකටද හානි සිදුවී ඇතග





