ගාසා තීරය ගැන ඊශ්‍රායල හමුදාවෙන් සහතිකයක්

ගාසා තීරයේ සටන් විරාමක් ක්‍රියාත්මක බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ගාසා තීරයේ සාම සැලසුමට එකඟතාව පළ කිරීමෙන් පසු එහි ප්‍රදේශ කිහිපයකින් සිය හමුදා ඉවත් කිරීමේ කටයුතු ඊශ්‍රායල බලධාරීන් විසින් ආරම්භ කර තිබේ.

ඒ අනුව ගාසා තීරයේ වයඹ දිග ප්‍රදේශයේ ස්ථානගත කර තිබු හමුදා කණ්ඩායම් ඉවත් කර ගැනීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශයෙකු සදහන් කර ඇත්තේ ගාසා තීරයේ ඊශ්‍රායල පාලනයට ගෙන ඇති ස්ථානයක් වෙත අදාල හමුදා කණ්ඩායම් ඉවත් කර ගැනීම මෙලෙස සිදුවන බවය.

ඒ සදහා සාම ගිවිසුමේදී එකඟතාව පළ වු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රකාශ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.