අමෙරිකානු උප ජනාධිපතිවරයාගෙන් ඊශ්‍රායලයට චෝදනාවක්

පලස්තීනයේ බටහිර ඉවුර ඊශ්‍රායලය වෙත ඈඳා ගැනීම සම්බන්ධයෙන් ඊයේ එරට පාර්ලිමේන්තුවේ දී සම්මත වූ මූලික කෙටුම්පත මගින් තමන්ට යම් අපහාසයක් සිදු වූ බවට අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් චෝදනා කර තිබේ.

ඔහු මේ බව පවසා තිබුණේ සිය ඊශ්‍රායල නිල සංචාරය අතරතුර එම කෙටුම්පත සම්මත වීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරමිනි.

බටහිර ඉවුර කිසිසේත් ඊශ්‍රායලයට ඈඳා ගැනීමට අමෙරිකාව ඉඩ ලබා නොදෙන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබූ පසුබිමක මෙවන් සිදුවීමක් වාර්තා වීම ද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published.