2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අද

2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අදයි.

ඒ අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂ අද (17) දිනයේ විවාදයට ගැනෙනවා.

අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන මස පස්වැනිදා දක්වා පැවැත්වෙනවා.

අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.

2026 අයවැය දෙවන වර කියවීම පසුගිය සිකුරාදා වැඩි ඡන්ද 118 කින් සම්මත වුණා.

Leave a Reply

Your email address will not be published.