මතුගම වතු කම්කරුවන්ගෙන් විපක්ෂයට චෝදනා – දෛනික වැටුපට එරෙහි වන්නන්ට පොල් ගසයි

වතු ජනතාවගේ වැටුප් ඉහළ නැංවීමට රජය පියවර ගනිද්දී ඊට අකුල් හෙළන විපක්ෂයට විරෝධය පළකිරීමට මතුගම ප්‍රදේශයේ වතු ජනතාව පියවර ගත්තා.

ඔවුන් ප්‍රකාශ කරන්නේ දීර්ඝ කාලයක් පුරා නොවිසදුනු මෙම ගැටලුවට රජය විසදුම් ලබාදී තිබෙද්දී එය කඩාකප්පල් කිරීමට කටයුතු නොකරන ලෙසයි.

වතු ජනතාව බොහෝ කාලයක් පුරා තම දෛනික වැටුප ඉහළ නංවන ලෙස ඉල්ලීම් කළද මෙතෙක් ඊට ප්‍රතිචාරයක් හිමිවී තිබුණේ නැහැ.

ඒ වෙනුවෙන් විසඳුම් ලබාදීමට රජය මෙවර අයවැයෙන් කටයුතු කළා.

සියලුම වතු ජනතාවගේ ප්‍රසාදය ඊට හිමිවුණා.

එම තීන්දුවට විරෝධය පළකරමින් විපක්ෂය සිදුකරන ක්‍රියා හෙළාදකින බවයි මතුගම වෝගන් වතුයායේ දෙමළ ජනතාව පවසන්නේ.

ඔවුන් විපක්ෂයට විරෝධය පළකරමින් පොල් ගැසීමක් ද සිදුකළා.

මේ අතර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාද ප්‍රකාශ කළේ වතු ජනතාවගේ ගැටලු විසදීමට විරෝධය පලකරනවා වෙනුවෙන් විපක්ෂය සහාය ලබාදිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published.