දෙන්නම් කාසිවලට ප්‍රශ්න විසඳෙන්නේ නෑ වෛද්‍ය වෘත්තීය සටන දිගටම

වෛද්‍ය සේවා කටයුතු කීපයක් සීමා කරමින් පෙරේදා (17දා) සිට දිවයින පුරා රෝහල් වල වෛද්‍යවරුන් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියා මාර්ගයට රජයේ පාර්ශ්වයෙන් විධිමත් විසඳුමක් ලබාදෙන තෙක් අඛණ්ඩව එම වෘත්තීය ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කෙසේ වෙතත් දෙවැනි දිනටත් ඊයේ (18දා) ක්‍රියාත්මක කළ මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයෙන් රෝගීහු දැඩි අපහසුතාවයට ලක්වුහ.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වීම මත වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (18දා) තීරණය කළේය.
මේ සම්බන්ධයෙන් ඊයේ (18දා) මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම
සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා.
” ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමති ඇතුළු බලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී අපි බලාපොරොත්තු වූ පිළිතුරු ප්‍රකාශයට පත්වුණේ නැහැ. නිසි කාලරාමුවක් තුළ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර ලැබිය යුතුව තිබෙනවා.
මේ පවත්වා ගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නතර කිරීමට තරම් යහපත් ප්‍රතිචාර ජනාධිපතිවරයාගෙන් ලැබුණේ නැහැ. කට වචනයට, දෙන්නම් කාසි වලට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ වෘත්තීය ක්‍රියාමාර්ග මින් එහාට තල්ලු නොකර විසඳීමට රජය කටයුතු කරයි කියලා. ජනතාවට අපි කියනවා මේ රටේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක් නැහැ. අපි වෙනදා වගේ වැඩ කරනවා. අපි රජයට කියනවා රෝගී ජනතාවට අවශ්‍ය ඖෂධ ටික පද්ධතියට ගෙනත් දෙන්න කියලා.”වෛද්‍ය සේවා කටයුතු කීපයක් සීමා කරමින් පෙරේදා (17දා) සිට දිවයින පුරා රෝහල් වල වෛද්‍යවරුන් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියා මාර්ගයට රජයේ පාර්ශ්වයෙන් විධිමත් විසඳුමක් ලබාදෙන තෙක් අඛණ්ඩව එම වෘත්තීය ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කෙසේ වෙතත් දෙවැනි දිනටත් ඊයේ (18දා) ක්‍රියාත්මක කළ මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයෙන් රෝගීහු දැඩි අපහසුතාවයට ලක්වුහ.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වීම මත වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (18දා) තීරණය කළේය.
මේ සම්බන්ධයෙන් ඊයේ (18දා) මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම
සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා.
” ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමති ඇතුළු බලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී අපි බලාපොරොත්තු වූ පිළිතුරු ප්‍රකාශයට පත්වුණේ නැහැ. නිසි කාලරාමුවක් තුළ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර ලැබිය යුතුව තිබෙනවා.
මේ පවත්වා ගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නතර කිරීමට තරම් යහපත් ප්‍රතිචාර ජනාධිපතිවරයාගෙන් ලැබුණේ නැහැ. කට වචනයට, දෙන්නම් කාසි වලට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ වෘත්තීය ක්‍රියාමාර්ග මින් එහාට තල්ලු නොකර විසඳීමට රජය කටයුතු කරයි කියලා. ජනතාවට අපි කියනවා මේ රටේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක් නැහැ. අපි වෙනදා වගේ වැඩ කරනවා. අපි රජයට කියනවා රෝගී ජනතාවට අවශ්‍ය ඖෂධ ටික පද්ධතියට ගෙනත් දෙන්න කියලා.”

Leave a Reply

Your email address will not be published.