1912 වසරේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ ගමන් කළ මගියකු සතුව තිබියදී සොයාගත් ඔරලෝසුවක් අමෙරිකානු ඩොලර් මිලියන 2.3කට අධික මුදලකට වෙන්දේසි වී තිබේ.
එංගලන්තයේ පැවති වෙන්දේසියකදී මෙලෙස අදාළ ඔරලෝසුව අලෙවි වී ඇති අතර ටයිටැනික් නෞකාවේ තිබී සොයාගත් භාණ්ඩයකට වෙන්දේසියකදී හිමි වූ ඉහළම වටිනාකම මෙය බව වාර්තා වේ.
ටයිටැනික් නෞකාවේ ගමන් ගත් මගියකු වන අමෙරිකානු ව්‍යාපාරිකයකුට අයත් ඔරලෝසුවක් මෙලෙස වෙන්දේසි වී ඇත.
1912 වසරේ අප්‍රේල් මස 14 වනදා නිව්යෝක් බලා යාත්‍රා කරමින් තිබූ ටයිටැනික් නෞකාව, අයිස් කන්දක ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 1500කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය.
අනතුරින් මියගිය එම ව්‍යාපාරිකයාගේ මළ සිරුර අත්ලාන්තික් සාගරයේ තිබී දින කිහිපයකට පසු සොයාගෙන තිබූ අතර ඔහු සතුව තිබූ රත්රන් ඔරලෝසුවක් මෙලෙස වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම ඔරලෝසුවේ වේලාව අලුයම 2.20ට එනම් ටයිටැනික් නෞකාව අනතුරට පත් වූ අවස්ථාවේ නරත වී තිබුණි.


