මෙවර ” ජාතික සුරක්ෂිත දිනය ” ප්‍රධාන සැමරුම් උත්සවය හෙට (26) ගාල්ල ” පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
ජාතික සුරක්ෂිත දිනය ” වෙනුවෙන් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා හෙට දිවයින පුරා පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට නියමිතය.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් විය.
එමෙන්ම බිලියන ගණනක් වටිනා දේපල ද විනාශ විය.
ඒ අනුව 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ” ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
එමෙන්ම සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදා නිසා රටේ මියගිය සියලුදෙනා සිහිපත් කරමින් 2005 වසරේ සිට 2014 වසර තෙක් අඛණ්ඩව ජාතික උත්සවයක් ලෙස දේශපාලන නායකත්වයේ ද සහභාගිත්වයෙන් ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය, ජනතා සහභාගිත්වයෙන් සිදු කරන ලදී.


