මවගෙන් වෙන් වී අතරමංව සිටි උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙ සෙනෙහස

මවගෙන් වෙන් වී තේ වත්තේ අතරමංව කුසගින්නේ සිටි උගුඩු පැටවුන් දෙදෙනෙකු බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ පදිංචි වතු කම්කරුවෙකුට (20) දින පස්වරුවේ හමු වී ඇත.

මිට දින කිහිපයකට ප්‍රථම බගවන්තලාව හැටන් ප්‍රධාන මාර්ගයේ සිරිපුර ප්‍රදේශයේදි වාහනයක ගැටී මිය ගොස් සිටි උගුඩුවෙකුගේ පැටවුන් බවට සැක කරන බවයි එම වතු කම්කරුවා කියා සිටියේ.

වාහනයක ගැටී මිය ගිය උගුඩුවා වැටී සිටි තේ වත්ත අසළම මෙම පැටවුන් දෙදෙනා සිටි බවත්, එම උගුඩු පැටවුන් දෙදෙනා නිවසට රැගෙන විත් කුස ගින්නේ සිටි නිසා කිරි පෙවු බවත්, කිරි බී සිටින උගුඩු පැටවුන් දෙදෙනා නල්ලතන්නිය වන ජීවි කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන බවයි එම වතු කම්කරුවා කියා සිටියේ.

හැටන් රංජිත් රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published.