ලිදුල දිස්ත්‍රික් රෝහල හා කළගන්වත්ත ප්‍රථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය නවීකරණයට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, ලිදුල දිස්ත්‍රික්  රෝහල හා කළගන්වත්ත ප්‍රථමික වෛද්‍ය ඒකකය, ඒවා පිහිටි ස්ථානවලම පිහිටුවීම හෝ නැවත වෙනත් ස්ථානයක පිහිටුවීම පිළිබදව නිශ්චය කරගැනීම ගැටළුවක්ව පැවති අතර, මහනුවර ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවේදී ලිදුල දිස්ත්‍රික් රෝහල හා කළගන්වත්ත ප්‍රථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය පවතින ස්ථානයන්හිම නවීකරණය කිරීමේ තීරණයට එළඹිණ.

එහිදී එම රෝහල්වල නව ගොඩනැගිලි ඉදිකිරිම හා ආරක්‍ෂිත බැති බැමි ඉදිකිරීමත් ඊට සමගාමිව නිල්දන්ඩාහින්න රෝහල පුළුල් කරමින් නවීකරණය කිරීම පිලිබදවත්  අවධානය යොමුවිය.

මෙම අවස්ථාව සදහා ලිදුල නගර සභාවේ  සභාපති  උපාලි  ලියනගේ මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී මහතා,  පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.ඒ.එල්.රණවීර මහතා,  පළාත් ඉඩම් කොමසරිස් මනෝෂා විජේතුංග මහත්මිය, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්, නුවරඑලිය ප්‍රාදේශීය සෞඛය සේවා අධ්‍යක්ෂ, නිල්දන්ඩාහින්න ප්‍රාදේශීය ලේකම්, වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඊට සහභාගී විය.        

 හැටන් රංජිත් රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published.